Binary Star මොනවද මේ ද්විමය තාරකා?




















                            ද්විත්ව/ ද්විමය තාරකා කියන්නෙ පොදු ස්කන්ධ කේන්ද්‍රයක් වටා පරිභ්‍රමණය වන තාරකා යුග්මයකි.මෙම යුගලේ දීප්තිමත්ම තාරකාව ප්‍රාථමික තරුව (Primary Star) ද අනෙක් තරුව ද්විතියික තරුව (Secondary Star) ලෙස ද නම් කරයි.( මේවා පිලිවෙලින් A හා B ලෙසද හදුන්වයි.) තාරකා දෙකෙහිම දීප්තිය සමාන නම් හදුනාගන්නා ලද පුද්ගලයා විසින් ලබා දෙන නමක් යෝජනා වේ.

                           මෙම තාරකා ඒවායේ කක්ෂය මත වර්ග කල හැකිය. පුඵල් ද්විත්ව තරු - Wide binaries යනු එකිනෙක වෙනස් පුඵල් කක්ෂ සහිත එකිනෙක ඉතා සුලු බලපෑමක් සහිතව භ්‍රමණය වන තාරකාවන්ය. කලාතුරකින් මෙයට තුන් වන තාරකාවක් ද ඇතුලත් විය හැකිය.මෙයට හේතුව පෙර කී තාරකා ද්විත්වය මගින් එකිනෙක ඈත් කර ගැනීමයි.

ආසන්න ද්විත්ව තාරකා.- Close binaries -
              මේවා එකිනෙක ආසන්නව භ්‍රමණය වේ.ප්‍රාථමික තරුව අනෙක් තරුවේ ශක්තිය උරා ගනනා අවස්ථා ඇත.ඇතැම් ආසන්න ද්විත්ව තාරකා වල ප්‍රාථමික තරුව මගින් අනෙක් තරුවේ පදාර්ථයන් හෝ සම්පූර්ණ තාරකාවම ඇදගන්නා තරම් ගුරුත්වයක් ඇති කරයි.

               මේවා නිරීක්ෂණය කරන ආකාරය අනුවද වර්ග කල හැක. ඇතැම් ද්විත්ව තරු පද්ධති එකිනෙක අතිඡ්ඡාදනය වී නිරීක්ෂණය වේ. තවත් පද්ධති පැහැදිලිව වෙන් වෙන්ව තරු යුගල දැකිය හැක.- Visual binaries මේවා දුරේක්ෂයක් මගින් පැහැදිලිව පෙනේ. දෘශ්‍ය තාරකා වලින් 5%-10% පමණ ප්‍රතිශතයක් මෙම දෘශ්‍ය ද්විත්ව තාරකා පද්ධතීන් වේ.

                   වර්ණාවලික්ෂ ද්විත්ව තාරකා පද්ධති - Spectroscopic binaries දුරේක්ෂයක් තුලින් බලා වෙන් කර හදුනා ගත නොහැකිය.විද්‍යාඥයින් විසින් මෙහි තරුවෙන් නිකුත් කරන ආලෝකයේ තරංග අායාම හා වර්ණාවලි සටහන් නිරීක්ෂණය මගින් ඒවා අධ්‍යනය කරයි.

                    Eclipsing binaries - මේවා එකිනෙක යම් කෝණයක් සහිතව ⁣භ්‍රමණය වීම නිසා ග්‍රහණයක් ඇතිවේ. එකක් ඉදිරියෙන් අනෙක් තරුව ගමන් කිරීම එයට හේතුවයි. මේවායේ සලකන ලක්ෂණය නම් දෘෂ්ටි රේඛා පවතින අයුරුයි.

                    Astrometric binaries - තාරාකා මිතික ද්විත්ව තාරකා හිස් අවකාශයේ පාවී පවතින බව පෙනේ.මොවුන්ගේ සහයක තාරකා හදුනා ගැනීම අපහසුය. බොහෝවිට එම තරු වල ද්විතියික තාරකාව නිරීක්ෂණය කල නොහැකි තරම් සුලු ආලෝකයක් පිට කරයි. නැතිනම් ප්‍රාථමික තරුවේ දීප්තිය නිසා නිරීක්ෂණය නොවී පවතියි.

                    එසේම ද්විත්ව තාරකා (double star) ලෙස පියවි ඇසට පෙනෙන ඇතැම් තරු එ⁣කිනෙක ඉතා ඈත පිහිටි තරු යුගලක් විය හැකිය.

                     1617 දී ගැලීලියෝ ගැලීලි සහ විද්‍යාඥයකු විසින් කරන ලද නිරීක්ෂණයකදි තරු දෙකක් මෙන් පෙනෙන තරුවක් දැක එය වාර්තා කර ඇත. ( මහ වලසා තරැ පන්තියේ අවසානයේ සිට දෙවන තරුව)
පසුව 1802 දී විලියම් හර්ෂෙල් මෙම යුගල් 700ක් පමණ දක්වා පලමුවරට මේවා ද්විමය තාරකා ලෙස හදුන්වා ඇත.

                    අවකාශයේ ගමන් ගන්නා ගැලැක්සි වල ආසන්නව ගමන් ගන්නා තාරකා වලින් විශාල තරුවක් තම ආකර්ෂණයෙන් කුඩා තරුවක් ග්‍රහණය කර ගැනීම ඉතා දුර්ලභ සිද්ධියකි. සාමාන්‍යයෙන් සිදු වන්නේ එකම දූලි හා වායු වලාවෙන් විශාල තාරකාව සෑදි එයින් කුඩා තාරකාවක් වෙන් වීමයි.මේවා එකිනෙක වටා පරිභ්‍රමණය වේ.

                     Wide binaries එකිනෙක මත ඉතා සුලු ගුරුත්ව බලපෑමක් ඇති කරද Close binaries එකිනෙක මත ප්‍රභල අාකර්ෂණයක් දක්වයි.මෙවිට එක් තරුවක් සුපර්නෝවා හෝ පල්සාර් තත්වයට පත් වූවොත් අනෙක් තරුවද විනාශ වී යයි.එය ඉතිරි වුවහොත් අලුත සෑදුනු දේහය වටා භ්‍රමණය වෙමින් පවතියි. හෝ ක්‍ර⁣මයෙන් එයින් පදාර්ථයන් නව තරුවට (සෑදුනු දේහයට) ලබා දෙමින් මිය යයි.

                      මේ තරු පද්ධති මගින් තරු වල ස්කන්ධය ගණනයට මග පහසු කරයි.මේවායේ උෂ්ණත්ව, ආකර්ෂණය ආදිය ගණනයට යොදි ගනියි. තවද ජීවයේ පැවැත්ම පිලිබඳ ද ඇතැමුන් සැක පල කරයි. හේතුව මෙම තරු අතරද ජීවයට සුදුසු කලාප ( Habitable Zone) පැවතිය හැකි වීමයි.පෘතුවියට ආසන්න Alpha Centauri A හා Alpha Centauri B යන තාරකා ද ද්විමය තාරකාවන් වේ.

                       ඇතැම් විද්‍යාඥයින් මත පල කරන්නේ අපේ සූර්යයාටත් ආරම්භයේ දී සහයක තරුවකු සිට අැති බවයි. මෙම කල්පිත තාරකාව Nemesis ලෙස හදුන්වයි. නමුත් මෙය හුදෙක් මතවාදයක් පමණි.

https://en.wikipedia.org/wiki/Binary_star
https://www.youtube.com/watch?v=pIFiCLhJmig

Comments

Popular Posts