කලු කුහර-Black Hole



  • කලු කුහරයක් කියන්නෙ මොකක්ද?

                   කලු කුහරයක් කියන්නේ අවට තියන හැමදෙයක්ම උරා ගන්න,නැත්නම් තමා දෙසට ඇදලා ගන්න පුලුවන් තරම් විශාල
ගුරුත්වාකර්ශන බලයක් තියන අව්කාශයේ පවතින ස්ථානයි. මේවා කොතරම් ප්‍රභලද කියනවනන් මේවට පුලුවන් ආලෝකය පවා මෙය තුලට ඇදලා ගන්න.. මේ නිසා මේ කලු කුහර වලට හැකියාවක් තියනවා කාලය හා අවකාශය කියන සංකල්ප දෙකට පවා බලපෑම් කරන්න.එනම් මෙයට හැකියාවක් තියනවා කාලයේ වේගය අඩු කර අවකාශය පුළුල් කරන්න.එනිසා මෙය විශ්වයේ ඇති සුවිශේෂි ස්ථානයක් ලෙස හැදින්විය හැකියි.මේ කලු කුහර වලින් ආලෝකය උරා ගැනීම නිසා අපට කවදාවත්ම මෙය දැකගැනීමටනම්  නොහැකියි.මොකද අපිට වස්තුවක් දකින්න නම් එහි වැදිලා පරාවර්තනය වෙල එන ආලෝකය අව්ශ්ය වන නිසා.නමුත් මෙයින් කවදාවත් ආලෝකය පරාවර්තනයක් නම් වෙන්නේ නෑ.


  • අයින්ස්ටයින්ගේ න්යාය.


                අයින්ස්ටයින්ගේ න්යාය්ට අනුව ගුරුත්වය අති ප්‍රභල වූ විට ආලෝකයේ සියලු ශක්තිය උරා ගන්නව. උදහරනයකට යම් ග්‍රහ ලෝකයක් විසින් එහි වායු ගෝලය තමන් වෙත සිර කර ගන්නවා වගේ.මේතරම් ගුරුත්වය අධික වීමට එහි ඝනත්වය ඉතා ඉහල මට්ටමක පැවතිය යුතුයි. ඒ සදහා අති විශාල ස්කන්ධයක් ඉතා කුඩා ඉඩ ප්‍රමානයක් තුලට හැකිලීම සිදු විය යුතුයි. වර්ශ 1916දී ජර්මන් ජාතික කාල් ෂ්වෝස්වයිල්ඩ් විසින් මේ ගැන ගණනයක් සිදු කලා. එමගින් ඔහු පෙන්වා දුන්නා අපේ සූර්යා වැනි තරුවක් ශක්තිය උරා ගත හැකි තත්වයට පත්වීමට නම් එහි දැනට පවතින විශ්කම්භය වන 1,392,000 km ප්‍රමානය 3 km තරම් කුඩා විය යුතු බව.


  •   කලු කුහර හැදෙන්නේ කොහොමද?


                 සූර්යාට වඩා වැඩි ස්කන්ධයක් සහිත තරු මෙසේ කලු කුහර බවට පත් විය හැකියි.තරුවක  සිදුවන රසායනික විලයන ප්‍රතික්‍රියා වලින් නිපදවෙන ශක්තිය නිසා තරුවෙන් පිටතට ඇදීමකුත් ගුරුත්වය නිසා තරුව තුලට ආකර්ශනයකුත් පවතිනවා.නමුත් තරුව ක්‍රමයෙන් තම ජීවිත කාලය අවසන් කරන විට මෙම නිදහස් කරන ශක්තිය අඩු වෙමින් යනවා. කෙසේ වෙතත් එම තරුව සූර්යයාගේ මෙන් 3.2 ගුණයක් පමන වේ නම් එම තරුවට කලු කුහරයක් වීමේ හැකියාවක් පවතිනවා.කෙසේ වෙතත් 3.5 ට වඩා විශාල තාරකාවක අවසානය වන්නේ අනිවර්යයෙන්ම කලු කුහරයක් බවට පත් වීම හෝ සුපර් නෝවා තත්වයට පත්ව පිපිරී යාමයි. දැනට අනුමාන කර ඇත්තේ අපේ මන්දාකිණිය තුල පමනක් මෙවැනි කලු කුහර මිලියන 100ක් පමන පැවතිය හැකි බවයි.


  • කලු කුහර හදුනා ගැනීම,


   කලු කුහර හදුනා ගනු ලබන්නේ කලු කුහර  තුලට ඇතුලු වන පදර්තවලින් විමෝචනය කරන  විකිරන ගුවන් විදුලි දුරේක්ශයකින්(Radio Telescope) හසු කර ගැනීම මගිනුයි. 1965 දී ආලෝක වර්ශ 10,000ක් ඇතින් පවතින සිග්නස් තරු පන්තියෙන් විහිදෙන එක්ස් කිරණ විහිදීමක් හදුනා ගනු ලැබුවා. ඒ අනුව 1971 දී ලොව ප්‍රථම එක්ස් කිරණ චන්ද්‍රිකාව මගින් මේ කිරන ආ දිශාව හදුනා ගන්ය් ලැබුනා."සිග්නස් එක්ස්1" ලෙස නම් කල මෙය හදුනාගත් ප්‍රථම කලු කුහරය ලෙස වර්තා පොතට එක් කරන ලදි.

Ishan Pramuditha.

Comments

Post a Comment

Popular Posts