හබල් නියමය - Hubble Theory


         1929 දී එඩ්වින් හබල් (Edwin Hubble) විසින් කරන ලද පරීක්ෂණ වලට අනුව බොහෝ මන්දාකිනිවල වර්ණාවලියේ (Astronomical spectroscopy) කලු ඉරි ඒවායේ රත් පැහැ දිශාවට ඇදී ස්ථානගතව පවතින බව සොයගන්නා ලදි.මේ නිරීක්ශනය අනුව ඒ ඒ මන්දාකිනි ඈතට යන බව සොයගන්නා ලදි මෙ අනුව මන්දාකිනි ඈතට විහිදී යන ප්‍රවෙගයන් (‪velocity‬) ද ගණනය කරන ලදි.ඒ ඒ මන්දාකිනි වල විසිරීයමෙ ප්‍රවේග ඒවාට අති දුරට සමනුපාතික බව මෙම පරීක්ශන වලින් හෙලි විය.මෙය හබල් නියමය ලෙසින් හදුන්වයි. මෙසේ මන්දාකිනි ඈත් වනවා යන්නෙන් අදහස් කෙරෙන්නේ විශ්වය ප්‍රසාරණය වන බවයි. මෙය සොයාගැනීම තාරකා විද්යාවේ නව පිම්මක් විය.

හබල් නියමය අනුව,

   මන්දාකිණියක ප්‍රවේගය = H * මන්දාකිණියට ඇති දුර

H යනු හබල් නියතය නම් වේ.
එනම්,
            H = ( මන්දාකිණියේ ප්‍රවේගය/ මන්දාකිණියට අති දුර)
H හි විශාලත්වය සොයා ගැනීම සදහා මන්දාකිණියේ ප්‍රවේගය kms-1න් ද දුර පාර්සෙක්(‪#‎parsec‬) වලින් ද මැන ගත යුතුය.පාර්සෙක් එකක් 3.0856*10^13 km වේ. මන්දාකිණියට ඇති දුර කිලෝමීටර වලින් හා ප්‍රවේගය kms-1න්(kms per second) ලබා ගත් විට H හි ඒකක S-1(per second) ලෙස ලැබේ.මේ අනුව H හි පරස්පරයේ ඒකක කාලයේ ඒකක වලට සමානය. ඹේ අනුව H හි අගය ඉතා නිවැරදිව ලබා ගතහොත් එහි පරස්පරය මගින් ගෙන දෙන කාලය විශ්වයේ ආරම්භක කාලය සොය ගැනීමට වැදගත් වනු ඇත.
මන්දාකිනිවලට දුර සෙවීම,, 
             සාමාන්යෙන් මන්දාකිනි වලට පෘතුවියේ සිට ඇති දුර සොයා ගැනීම සදහා ඒවායේ දීප්තිය පිළිබද සන්සන්දනාත්මක ක්‍රමයක් භාවිතා කෙරේ. මෙහි පදනම වන්නේ මන්දාකිනි වල දක්නට ලැබෙන ඉතාමත් දීප්තිමත් වස්තුවල දීප්තිමත් භාවයේ විශාලත්වය හා දුර දන්නා වෙනත් වස්තුවක දීප්තිය හා සන්සන්දනය කිරීමයි. මේ සදහා ආකාශ වස්තුවක නිරපේක්ෂ විශාලත්වය හා එයට ඇති දුරත් අතර ඇති සම්බන්දතාවය යොදා ගනු ලැබේ.
එම සමීකරණය පහත ආකාර වේ.

m- M= 5 log d -5

මෙහි m යනු මන්දාකිණියේ දෘශ්ය දීප්තියේ විශාලත්වය වන අතර M යනු එහි නිරපේක්ෂ විශාලත්වයයි.d යනු පෘථුවියේ සිට මන්දාකිනියට ඇති දුරයි.

Comments

Popular Posts